Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Featured Posts

නව දැනුම සොයා යන්න තාක්ෂණය සමගින් විනෝදය කැටිවුන නව තාක්ෂණයෙන් පිරිපුන් අළුත් අළුත් අදහස් සමගින් එන්න අප හා එක්වන්න

Saturday, October 31, 2015

Youtube Video Download කරන ලේසිම ක්‍රමය ගැන දැනගන්න කැමතිද ? Add - ons , Software මුකුත්ම ඕනේ නෑ

කොහොමද ඉතින් කාලෙකින් බ්ලොග් එකට මුකුත් දාන්නත් බැරි උනා. වැඩ ටිකක් වැඩි නේ ? ඒවගෙන් කමක් නෑ . මේ ලගදි මට හොද ක්‍රමයක් හම්බුනා YouTube Video Download කරන ලේසිම ක්‍රමයක් ගැන . අර සොයන්නාට මොනාද හම්බ වේ කියල කියමනකුත් තියනවනේ නේද ?

හරි ඔන්න මං කතාව කියන්නම් මේ ලගදි අපේ ලොක්කට ඕනි උනා YouTube එකේ තිබුන Logistics Management කියල Subject එකකට අදාල Video වගයක් Download කරගන්න මිනිහත් ට්‍රයි කරලා බැරිම තැන මට දුන්නා ඒ කැටේ. අලි මදිවට කොටි කියල වැඩ අස්සේ කරපංකෝ Video Download මොනා කරන්නද එයා ඉතින් Big Boss නේ මං වැඩේ බාරගත්තා. 

ඊට පස්සේ කෝකටත් තෛලෙ වගේ තිබුන Internet Download manager (IDM) ඕපන් කරලා බැලුවම මගේ හොර කොපිය මාට්ටු වෙලා දැන් ලයිසොන් කී එකක් ඉල්ලනවා මේ හදිස්සියේ මං ලයිසොන් කි කොහෙන් හොයන්නද ? මං ඉතින් ගුගල් දෙයියගේ කොටලා මොකක් හරි Software කැල්ලක් හොයල බැලුවා අම්බානෙට තිබුනා එත් ඒ මගුල් එකක්වත් වැඩ නෑ .එක්කෝ දෙන එක වයිරස් ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා මගුල් ගොඩයි. (භාෂාවනම් අවුල්ද දන්නේ නෑ සරලව කිවුවේ නැත්තන් තේරෙන්නේ නැනේ නේද ?) . 

ඔය අතරේ මට හම්බුනා සුපිරි විකල්පයක් Add - ons , Software මුකුත්ම ඕනේ නෑ ඕනි වෙන්නේ SS මෙන්න මේ අකුරු දෙක විතරයි. හරි වැඩි කතා ඕනි නෑ මං කියල දෙන්නම් කරන විදිය පින්තුරත් එක්කම 
මුලින්ම ඔයා YouTube එකට ගිහින් ඔයා කැමතිම වීඩියෝ එකක් හොයාගන්න ඊට පස්සේ ඒ වීඩියෝ එකේ URL එකේ මං පෙන්නලා තියන විදියට SS අකුරු දෙක කොටලා එන්ටර් කරන්න.


එතොකොට ඔයාලට මේ වගේ සයිට් එකකට ලොග් වෙයි 

වැඩේ ඉවරයි දැන් ඔයාලට තියෙන්නේ ඔයාල කැමති ෆොර්මැට් එකකින් වීඩියෝ එක බාගන්න එක තමයි. මේකේ අවුල තියෙන්නේ Proxy එකක් හැර ඉන්ටෙර්නෙට් යන අයට තමයි. හරි එහෙනම් මං ගිය කරලා බලන්නකෝ මේ ගැන දන්න අයත් ඇති අවුලක් නෑනේ. මේ ක්‍රමය YouTube වලට විතක් නෙමෙයි පහත පෙන්නලා තියන සයිට් වලටත් සපෝර්ට් කරනවා