Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

ජංගම දුරකථන අළුත් වැඩියාව

මම අද ඉදන් අළුත් පාඩම් මාලාවක් කියලා දෙන්න හිතුවා .කොහොමත් මම මේ බ්ලොග් එක ලියන්නේ නිකන් ඉන්න වෙලාවට කම්මැලි කම යන්නත් එක්ක නිසා මට හිතුනා මං ඉගන ගත්ත එත් මට පාවිච්චියට ගන්න බැරිවුන දෙයක් ඔයාලට කියලා දෙන්න . ඒ තමයි ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම , හ්ම්ම් කාලෝචිත මාතෘකාවක් නේ ? නැතුව අද ව්‍යාපාරික වශයෙන් ගොඩක් වැදගත් කමක් ගන්න මාතෘකාවක් තමයි මේ . හරි මම ඔයාලට කියලා දෙන්නම් ජංගම දුරකථන සොෆ්ට්වෙයාර් සහ හාඩ්වෙයාර් රෙපෙයාරින් ගැන. මං හිතාගෙන ඉන්නේ අදියරෙන් අදියර මෙම පාඩම් මාලාව ඔයාලට අරගෙන එන්න . මුලින්ම ජංගම දුරකථනවල සොෆ්ට්වෙයාර් රෙපයාරින් ගැන කියලා දෙන්නම්කෝ  .
හරි එහෙනම් පොඩි හැදින්විමකින්ම පටන් ගමු . සොෆ්ට්වයර් ,හාඩ්වෙයාර්, සෙටින්ග්ස්  යන අංශ තුන පදනම් කරගෙන බොයිල් ෆෝන් එකක් ක්‍රියාත්මක වන අතර මේවායෙන් කුමන හෝ කොටසක දෝෂ ඇති උනොත් ෆෝන් එක අක්‍රිය තත්වයට පත් වෙන්න පුළුවන් . මේ අතරින් සොෆ්ට්වෙයාර් දෝෂ පමණක් සොෆ්ට්වෙයාර් අළුත් වැඩියාව මගින් නිරාකරණය කරගන්න පුළුවන් 

ජංගම  දුරකතනයක සොෆ්ට්වෙයාර් ප්‍රදාන වශයෙන් ස්ථානගත කර තිබෙන්නේ එහි ෆ්ලෑෂින් මෙමරියේ .මෙම  ෆ්ලෑෂින් මෙමරියේ අන්තර්ගත සොෆ්ට්වෙයාර් විවිධ හේතුන් මත හානියට පත් වෙන්න පුළුවන් 

1.  ෆෝන් එකට අනවශ්‍ය පරිදි ප්‍රෝග්‍රෑම් එක් කිරීම
2.  වැරදි ආකාරයට සොෆ්ට්වෙයාර් අප්ග්‍රේඩ් කිරීම
3.  දුවිලි සහ අපිරිසිදු ද්‍රව්‍යවල බලපෑම
4.  අධික තෙතමනය
5.  ෆෝන් එක බිම වැටීම

මෙවැනි හේතුන් මත දුරකථනවල පහත සදහන් දෝෂ මතුවිය හැක

1. ෆෝන් එක මුළුමනින්ම අක්‍රිය වීම
2. සිග්නල් නොමැතිවීම
3. තිරයේ දර්ශන නොමැති වීම
4. ඇමතුම් සිදුකල නොහැකි වීම
5. සේවා සන්නිවේදනය ඇන හිටීම
6. ෆෝන් එක වරින්වර අක්‍රිය වීම
7. ෆෝන් එක ඉබේම රිස්ටාර්ට් වීම
8. ෆෝන් එකේ තොරතුරු මැකී යාම
ආදී දෝෂ මතු විය හැක

පරිගණකයට යම්කිසි කාර්යක් කල හැක්කේ තවත් ප්‍රෝග්‍රෑම් එකක උපකාරයෙන් බව අපි දන්නවනේ ? ඒ වගේම තමයි පරිගණකයක් මගින් ජංගම දුකතනයක සොෆ්ට්වෙයාර් රේපායරින් කරනකොටත් ඒ විදියම තමා . ඊට අදාල මොබයිල් ෆ්ලෑෂින් ප්‍රෝග්‍රෑම් එකක් හා ඊට අදාල සේවා උපකරණ බාවිතා කල යුතු වෙනවා 
අපි ඊලග අදියරෙන් කථා කරමු සොෆ්ට්වෙයාර් රේපායරින් කිරීම අවශ්‍ය ෆ්ලෑෂින් ප්‍රෝග්‍රෑම් සහ සේවා උපකරණ ගැන .

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.