Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Thursday, March 1, 2012

WiFi සිග්නල් බුස්ටර් එකක් හදමු වියදමක් නැතිවම .

ඔයාලගේ WiFi රවුටර් එකට කිසිම වියදමක් නැතිව සිග්නල් බුස්ටරයක් හදාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ ? මමත් කරලා බැලුව ප්‍රතිපලනම් ගොඩක්ම සාර්ථකයි . මේකට කිසිම වියදම් යන්නේ නෑ .පැහැදිලි රූප රාමුත් එක්ක කියලා දෙන්නම් හදාගන්න හැටි
අවශ්‍ය  ද්‍රව්‍ය :-

මුලින්ම ඔයාලා පරණ බියර් කෑන් එකක් හරි කොකාකෝලා කෑන් එකක් හරි හොයාගන්න . ඊට පස්සේ හොදට එක හෝදලා ගන්න
 ඊට පස්සේ උඩ තියන කිල්ප් එක ගලවන්න ගලවල උඩ පියන බදෙන් වෙන් වෙන්නේ නැති වෙන විදියට ටිකක් ඉතුරු කරලා පියන වටේ කපා ගන්න

ඊට පස්සේ කෑන් එකේ අඩිය සම්පුර්ණයෙන්ම කපලා ඉවත් කරන්න
ඊට පස්සේ කතුරක් ආධාරයෙන් කෑන් එකේ දික් අතට කපාගන්න , පහත රූප රාමුවේ පෙනෙන ආකාරය
දැන් අන්තිමට ඔයාලා පහත රූප රාමුවල පෙන්වන ආකාරයට WiFi රවුටර් එකට හදාගත්ත ඇන්ටනාව සවි කරන්න , එච්චරයි

Audio & Video DJ කරන්න සුපිරි

වැඩි කථා ඕනේ නෑ ඕඩියෝ වීඩියෝ දෙකම සුපිරියට DJ කරන්න කියාපු සුපිරිම අංක එකේ භාන්ඩය . ඕනිනම් බාගෙන බලන්න ආයේ කියලා වැඩක් නෑ



ඩිලීට් කරන්න බැරි ෆයිල් ඩිලීට් කරගන්න

  • Cannot delete file: Access is denied.
  • Make sure the disk is not full or write-protected and that the file is not currently in use.
  • The source or destination file may be in use.
  • The file is in use by another program or user. 
 මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් කරන්න යනකොට මේ වගේ පණිවිඩයක් ඇවිත් ඩිලීට් කරන්න බෑ කියනවද මෙන්න එහෙනම් එකට නොවරදින බෙහෙත (163.12 KB) කට ,



නිල් මාරයාට හේතු හොයමුද ?


මේකනම් විහිලුවට ගන්න දෙයක් නෙමෙයි ටිකක් බය හිතෙන දෙයක් . ඔයාලා ගොඩක් දෙනෙක්ට එන බය හිතෙනම දෙයක් තමයි නේ පරිගණකයෙන් වැඩ කර කර ඉන්න ගමන් එක පාරටම නිල් පාට ස්ක්‍රීන් එකක් ඇවිත් පරිගණකය රිස්ටාර්ට් වෙන එක . කිවුවත් වගේම මටත් ඔය දේ උනාම ටිකක් නෙමෙයි හොදටම බය හිතෙනවා. ලගදිත් මට ඔය ලෙඩේ ආපු නිසා මං ඒ ගැන ටිකක් හොයලා බැලුව එතකොට මට හම්බුනා ගොඩක් වටිනා කියන මෘදුකාන්ගයක් එකෙන් පුළුවන් BlueScreen එන්න හේතු උන crash ෆයිල් මොනාද , ඒ ඒ crash ෆයිල් එකට අදාල BlueScreen පණිවිඩයද බලාගන්න පුළුවන් මේ පිලිබදව ලොකු විස්තරයක් ඒ සොෆ්ට් වෙයාර් එකත් එක්කම sponsor site එකෙන් දෙනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි .




සම්පුර්ණ විස්තර බලාගන්න මෙතනින් 

ෆිල්ම් වලට සබ්ටයිටල් ඔයාලම හදාගන්න ආසද ???????????


මං අද ඔයාලට දෙනවා ගොඩක් වටිනා කියන මෘදුකාංග දෙකක් , දෙකෙන්ම කෙරෙන්නේ එකම වැඩේ වගේ  තමා එත් වෙනවා මං පස්සේ කියලා දෙන්නම් . තව මං ඔයාලට ඒ මෘදුකාංග දෙක යොදාගෙන ෆිල්ම් සදහා සබ්ටයිටිල් හදන හැටිත් පියවරෙන් පියවර සරලව චුටි මොලේට වැටහෙන විදියට කියලා දෙන්නම්කො .

 
හ්ම්ම් දැන් තේරෙනවනේ වැඩේ මොකද්ද කියලා . සමහර ෆිල්ම් සදහා සිංහල සබ්ටයිටිල් අන්තර්ජාලයෙන් බාගත කරගන්න තියනවා එත් ගොඩක් ෆිල්ම් සදහා සිංහල තියා ඉංග්‍රීසි සබ්ටයිටිල්වත් නෑ . ඊට වඩා අපිම දන්න විදියට ෆිල්ම් එකක් සිංහලට පරිවර්තනය කරලා යාළුවොත් එක්ක හරි ගෙදර අයත් එක්ක හරි බලනකොට තියන ගැම්මත් කියලා වැඩක් නෑ .
හරි මං ඔයාලට මේ දෙන පලවෙනි මෘදුකාංගය බාගෙන ඔයාලගේ පරිගණකයේ ස්ථාපනය කරගන්නකො එහෙනම් , වැඩිය ලොකු නෑ මෙගා බයිට් 3 


ඊට පස්සේ මෙම වැඩසටහන ඕපන් කරගත්තම ඔයාලට මෙන්න මේ විදියට දැකගන්න ලැබෙයි . හරි දැන් වැඩේ පටන් ගමු 
අපි මේ කථා කරන්නේ සබ්ටයිටිල් ෆයිල් කොහෙන්වත් හොයාගන්න නැති ෆිල්ම් එකකට අපිම සබ්ටයිටිල් එකක් හදාගන්න හැටි . පස්සේ කියලා දෙන්නම් ඉංග්‍රීසි සබ්ටයිටිල් ෆයිල් එකක් සිංහලට පරිවර්තනය කරගන්න හැටි.
හරි දැන් ඔයාලා උද පින්තුරේ පෙන්නලා තියන විදියට සබ්ටයිටිල් දාන්න ෆිල්ම් එකක් තෝරාගන්න ඊට පස්සේ එකට හිස් සබ්ටයිටිල් ෆයිල් එකකුත් පෙන්නලා තියන තැනින් ඇඩ් කරගන්න ඊට පස්සේ පැත්තකින් දීලා තියන ප්ලේයර් එකෙන් ෆිල්ම් එක ප්ලේ කරලා දෙබසක් යනවා සමගම අර  + ලකුණ මාර්ක් එක කිලික් කරලා එම ස්ථානයට සබ්ටයිටිල් ට්‍රැක් එකක් ඇඩ් කරගන්න එතකොට මේ ව්දියේ වින්ඩෝ එකක් එයි 


 
මෙතන අංක එක විදියට පෙන්නලා තියෙන්නේ සබ්ටයිටිල් එක පටන්ගන්න වෙලාව අංක දෙකෙන් පෙන්නන්නේ සබ්ටටයිටිල් එක ප්ලේ වෙලා අවසන් වන වෙලාව අංක තුනෙන් ඔයාලට පුළුවන් සබ්ටයිටිල් එක ප්ලේ වෙන කාලසීමාව වෙනස් කරගන්න . අංක හතර තියන තැන තමා එම දෙබසට අදාල සබ්ටයිටිල් එක එඩිටි කරගන්න තැන ඊට පස්සේ අංක 5 ඔකේ කරාම එම දෙබස තියන තැනට අපි හදපු සබ්ටයිටිල් ට්‍රැක් එක ඇඩ් වෙනවා . ඔය විදියට ඉවර වෙනකන්ම කරගෙන යන්න . මේක අත්හද බලන්න ෆිල්ම්ම ඕනේ නෑ පොඩි වීඩියෝ කිල්ප් එකක් අරගෙන එකට සබ් එකක් දාල බලන්න . සබ් එක එඩිට් කරලා ඉවර උනාම Export subtitle  ඒකෙන සේව් කරගන්න .srt ෆයිල් ටයිප් එකෙන් එතකොට ඔක්කොම වැඩ අහවරයි . හරි දැන් අපි කරේ කිසිම සබ්ටයිටිල් ෆයිල් එකක් හොයාගන්න නැති ෆිල්ම් එකකට සබ් දාන හැටිනේ ? දැන් කියල දෙන්නම් ඉංග්‍රීසි සබ්ටයිටිල් ෆයිල් එකක් සිංහලට පරිවර්තනය කරගන්න මෘදුකන්ගයක් ගැන ඔය උඩින් දීලා තියන එකෙනුත් මේ වැඩේම කරගන්න පුළුවන් එති ඊට වඩා ටිකක් ලේසි එකක් තමයි මේ ? ඕනිනම් බාගන්න වැඩ කරන්න අමාරු නෑ අර වගේම තමා 

 එහෙනම් අපි ගියා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,