Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Saturday, February 25, 2012

ගෙදර ඉදන් යාලුවෙක්ගෙ හරි Office එකේ හරි පරිගණකය පාලනය කරන්න ආසද ......?

මම අද කියල දෙන්න හදන්නේ ප්‍රයෝගිකව අත්හදා බලා නිට්ටාවට ප්‍රථිපල ලද දෙයක් ගැන ඔයාලටත් කියල දෙන්න ? ගොඩ කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්න බැරි උනා . බ්ලොග් එකට ලියන එක එපා වෙලා හිටියේ ඇයි දන්නවද මුහුණු පොතේ එක්තරා ගෘප් එකක ඇඩ්මින් අයියා කෙනෙක් දාපු පාර්ට් එකක් නිසා . අපි මේ බ්ලොග් ලියන්නේ හම්බ කරන් කන්න නෙමෙයිනේ ? දන්න මොනා හරි දෙයක් කාට හරි කියල දෙන්නනේ ? හැර හරි වැඩි කතා පසුවට වැඩේට බහිමු . මේකයි සීන් එක මං ඉන්නේ බණ්ඩාරවෙල මගේ යාලුවෙක් ඉන්නවා කොළබ. මිනිහත් ලගදි ලැපක් ගත්තා මිනිහා ඔකේ පොඩි ලෙඩෙක් දාගෙන මට කතා කරලා හදාගන්න හැටි ඇහුවා . සුද්ද සිංහලෙන් කියලා දුන්නත් මිනිහට කියපු දේ තෙරුනෙම නෑ . ඉතින් මං වැඩ අස්සේ ඕක හදන්න කොළබ යන්නද ???? එතකොට තමා මං දැන් ඔයාලට කියලා දෙන්න යන ගණදෙවි නුවන පහල උනේ ? මේක නුවනක් නෙමෙයි තවත් සුපිරි සොෆට් එකක් . මේ මෘදුකාංගයෙන් පුළුවන් අන්තර් ජාලයට හරි LAN ජාලයකට හරි සම්බන්ද කරලා තියන පරිගණයක පාලනය සම්පුර්ණයෙන්ම අපේ අතට ගන්න . හැකිං නෙමෙයි හොදේ ? මේකට අනිත් පාර්ශවයේ පුර්ණ අනුදැනුම මත වෙන්න ඕනි . ඉතින් මං මගේ යාලුවට ලින්ක් එකක් යවල එකේ තියන සොෆ්ට් එක බාගෙන ස්ථාපනය කරගන්න කියල. මං මෙහෙ ඉදන් මිනිහගේ ලැපේ තිබුණ පොඩි ලෙඩේ හදල දුන්නා . මේකෙන් ගන්න පුළුවන් වැඩ කෝටියයි . අපිට දුරස්ථව ඉදන් අනෙක් පරිගණකයේ වෙන හැමදෙයක්ම බලාගන්නත් පාලනය කරන්නත් පුළුවන් ?



හරි එහෙනම් ඔතනින් බගනගන්නකෝ වැඩේ කරන හැටි මං කියල දෙන්නම්
ඔයාලා මේ මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරගත්තම මේ පහලින් පේන විදියේ අයිකන් එකක් දකින්න ලැබෙයි ඒක ඕපන් කරගන්න ........
එතකොට ඔයාලට TeamViewer එකේ මේන් වින්ඩෝ ඒක දකින්න ලැබෙයි පහලින් පෙන්නලා තියන විදියට

එතකොට යාළුවගේ පරිගණකයෙත් ඔය වගේම වින්ඩෝ එකක් තියනවනේ ඔයාට තියෙන්නේ යාලුවගෙන් ID එකයි password එකයි ඉල්ලගෙන partner ID කියන තැනට යාළුවගේ ID එක දීල එම පරිගණකයට ඇතුළු වෙන්න එක තමා . ඊට පස්සේ ඔයාට පුළුවන් යාළුවගේ හරි කාර්යාලේ හරි පරිගණකය ඔයාගේ ගෙදර පරිගණකය වගේ පාවිච්ච් කරන්න. ඇත්තටම ගොඩක් වැඩ කරගන්න පුළුවන් මාර වටිනාකමක් තියන මෘදුකාංගයක් මේක . උත්සහ කරලා බලන්න මොකක් හරි උදවුවක් ඕනි උනොත් කියන්න පුළුවන් විදියට කියලා දෙන්නම්

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.