Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Wednesday, March 21, 2012

ඔබගේ USB Pen Drive එකේ අධි ආරක්‍ෂිත කලාපයක් වෙන් කරන්න


ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ? ඔන්න මං අදත් ගොඩක් වැදගත් වෙන මෘදුකාංගයක් ඔයාලට අරන් අවා . මේ මෘදුකාංගයෙත් පොඩි විශේෂයක් තියනවා ඒ තමයි එම මෘදුකාංගයේ මගේ නිර්මාණ කටයුත්තක් වෙන නිසා අරන් බලන්නකෝ හොදද කියලා . හ්ම්ම් .. අරගන්න කලින් කියන්න එපැයි මොකද්ද කියලා නේ ? උඩ මාතෘකාව දැක්කද ? ටිකක් බර වැඩි නේ නම . මෙහෙමයි අද මං ඔයාලට දෙන මෘදුකාංගය භාවිතයෙන් ඔයාලට පුළුවන් ඔයාගේ  USB Pen Drive ආරක්‍ෂිත Partition එකක් නිර්මාණය කරගන්න ඒ කිවුවේ කාටවත් පේන්නේ නැති කාටවත් ඇතුළු වෙන්න බැරි මුර පද යොදා ආරක්‍ෂිත කරන ලද නොපෙනෙන පාර්ටිෂන් එකක් හදන්න පුළුවන් . තවත් ලොකු විශේෂත්වයක් වෙන්නේ පෙන් එක FORMAT කරත් එම පාටිෂන් එකේ තියන දත්ත වලට කිසිම හානියක් වෙන්නේ නෑ . මෙම මෘදුකාංගය මගින් ඔබගේ Pen Drive එකේ Public හා Secure කියලා පාර්ටිෂන් දෙකක් නිර්මාණය කරනවා මෙහි Secure පාර්ටිෂන් එක ගොඩක් ආරක්ෂිතයි මොකද කාටවත් ඇතුළු වෙන්න බැරි වෙන විදියට ඔයාලට එකට මුරපදයක් දාන්නත් පුළුවන් පෙන් එක ෆොර්මැට් කලත් එම පාර්ටිෂන් එකට හානියක් වෙන්නේ නෑ . ඔයාලට පුළුවන් Public හා Secure යන පාර්ටිෂන් වලට වෙන් කරන ඉඩ ප්‍රමාණයත් තීරණය කරන්න . දැන් ඔයාලට පුළුවන් වටිනා කියන වැදගත් ලිපි ලේඛන ආදී ඕනිම දෙයක් පෙන් Secure යන පාර්ටිෂන් එකේ ගොඩක් ආරක්ෂිතව ගබඩා කරන්න. අරගෙනම බලන්න මොනා හරි දැනගන්න දෙයක් තියනවනම් කියන්න හොදේ ? මං මේ මෘදුකාංගයත් එක්කම එය භාවිතයට උපදෙස් ඇතුලත් සිංහල මාර්ගොපදේශ PDF එකක් ඇතුලත් කරලා තියනවා. ඔක්කොම 1MB


Yasitha USB Pen Drive Locker භාවිතයට උපදෙස්
ඔබ පළමු වතාවේදී මෙම මෘදුකාංගය භාවිතා කරන විට මුලින්ම Pen Drive එක පරිගණකයට සම්බන්ද කරලා ඉන්න ඕනි ඊට පස්සේ පහත දැක්වෙන අන්දමේ අයිකන් එක ඕපන් කරලා Pen Drive ලොකර් සොෆ්ට් එක ඕපන් කරගන්න 
 
එතකොට ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් දිස්වේවි 
 
එම වින්ඩෝ එකේ අංක 1 පෙන්නන්නේ ඔයාල හදන ආරක්‍ෂිත පාර්ටිෂන් එකට පාස්වර්ඩ් එකක් දාන කී එක  අංක 2 පෙන්නන්නේ ආරක්‍ෂිත පාර්ටිෂන් එකට අපි වෙන් කරලා දෙන ඉඩ ප්‍රමාණය වෙනස් කරන කී එක .
අපි මුලින්ම පෙන් එකේ අපි හදන ආරක්‍ෂිත පාර්ටිෂන් එකට පාස්වර්ඩ් එකක් දීලා ඉමු . අංක 1 කී එක කිලික් කරන්න
එතකොට මේ විදියේ වින්ඩෝ එකක් එයි 
 
ඔතන ඕල්ඩ් පාස්වර්ඩ් කියන එක හයිලයිට් වෙලා තියෙන්නේ අපි මෙම මෘදුකාංගය බාවිතා කරන නිසා එම කොටස අවශ්‍ය වෙන්නේ කලින් තිබුන මුරපදයක් වෙනස් කිරීමට අවශ්‍ය උන වෙලාවකට . හරි ඔයාලා කැමති මුරපදයක් දීලා ඒක අමතක වෙයි වගේනම් මුරපදයට ඉගියකුත් දීලා හරි ලකුණ කිලික් කරන්න දැන් හරි අපි ඊ ලගට  Secure පාර්ටිෂන් එකට ඉඩ ප්‍රමානයක් වෙන් කරලා දෙමු . එකට උඩින්ම දීලා තිබුන රුප රාමුවේ තිබුන අංක 2 කී එක කිලික් කරන්න එතකොට ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් පෙනෙයි 
 
මේ පණිවිඩයෙන් කියන්නේ ඔයාලා පෙන් එකේ පාටිෂන් ඉඩ ප්‍රමාණය වෙනස් කරන කොට පෙන් එකේ තියන සියලුම දේවල් මැකෙනවා කියන එක . ඒ නිසා ඔයාලා පෙන් එකේ මොනා හරි වැදගත් ලිපි ලේඛණ තියන වෙලාවක පාටිෂන් වලට බෙදල තියන ඉඩ ප්‍රමාණය වෙනස් කරන්න යන්න එපා . එහෙනම් ඕකෙත් හරි ලකුණ කිලික් කරන්නකො එතකොට ඔයාලට පුළුවන් පාර්ටිෂන් වලට බෙදලා තියන ඉඩ ප්‍රමාණය වෙනස් කරන්න 
 
දැන් මේ විදියට මැද තියන තියන බාර් එක දෙපැත්තට වෙනස් කරලා පාටිෂන් වලට වෙන් කරන ඉඩ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් . දැන් ඔකේ කරන්න



දැන් ඔයාලගේ පෙන් එකේ Secure පාර්ටිෂන් එක නිර්මාණය වේවි මේ විදියට 
 
හරි දැන් මේ මෘදුකාංගයේ කොපියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට ඉන්ස්ටෝල් වෙලා තියේවි එකෙන් ඔයාලට පුළුවන් කොහේ ගියත් ඕනිම පරිගණකයකින් එම Secure පාටිෂන් එකට ඇතුළු වෙන්න . හ්ම්ම් දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ පෙන් එකේ Secure පාටිෂන් එක බලාගන්න පුළුවන් මේ විදියට 
 
දැක්කනේ මගේ ලග තියෙන්නේ 4GB පෙන් එකක් මං එකෙන් 1.24GB  Secure පාටිෂන් එකට වෙන් කර . ඔයාලට ඕනිම කෙනෙක්ට භාවිතයට ගන්න පුළුවන් Public පාර්ටිෂන් එකට යන්න ඕනිනම් පෙන් එක ගලවලා ගහන එක විතරයි කරන්න ඕනි 

ඔයාලට පෙන් එකේ Secure පාටිෂන් එකට යන්න ඕනි උනාම පෙන් එකට ඉන්ස්ටෝල් වෙලා තියන අයිකන් එක බාවිතයට ගන්න . මේ පාටිෂන් වෙන වෙනම තමයි ෆෝර්මැට් කරන්න පුළුවන් . ඔයාලට පෙන් එක සාමාන්‍ය විදියට භාවිතා කරන්න ඕනිනම් කරන්න තියෙන්නේ  Secure පාටිෂන් එකට වෙන් කරපු ඉඩ ප්‍රමාණය “0” කරලා ඔකේ කරන එක විතරයි හරිම ලේසි .ඔයාලට .