Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Friday, November 18, 2011

ඔබගේ මුහුණු පොත සිංහලෙන් හදාගන්න

මචන්ලා මේක මගේ පලවෙනි බ්ලොග් එක . නිකන් ඉන්න ගමන් ලියන්න හිතුනේ . මේකනම් දන්න අය දන්නවා ඇති නොදන්න අයට දැනගන්න තමා සෙට් වෙන්නේ . නිකන් ඉන්න ගමන් පොඩි පිස්සු පාරක් එහෙම නටලා යාළුවන්ට පොඩි Surprise පාරක් එහෙම දාන්න තමා හදනේ ?? හරි හරි වැඩි හුට්ටප්පර ඕනේ නැනේ වැඩේට බහිමුකො .

වැඩේට මෙන්න මේ soft කැල්ල දාගන්න වෙනවා Firebug මෙන්න මෙතනින් එක ගන්නකො . වැඩේ අල උනොත් Google Search පාරක් දාල බලන්න මේ නමින් firebug  කියල . ඔයාලගේ වෙබ් browser එකට හරියන එකක් හොයල දාගන්න . දැන් බලමු වැඩේ කොර ගන්න හැටි . ඔයාලගේ මුහුණු පොතේ profile එකේ සිංහලට හරවගන්න ඕනේ තැන right click කරලා  Inspect elements කියල එකක් අන්තිමට වගේ ඇති එක click කරන්නකෝ . ඔන්න මං එකක් කරලා පෙන්නනම් .මම කරන්න හදන්නේ මගේ  Facebook profile එකේ wall , info , Photos කියල තියන ටික සිංහලට ගහන හැටි හොදේ ඉතුරු ටික ඔයාලා කරලා බලන්න .

දැන් මම wall කියන වචෙනේ උඩ right click කරලා   Inspect elements කියන එක අරන් තියෙන්නේ එතකොට ඔයාලට මේ විදියට පෙනේවි
Inspect elements click කරාම ඒ වචනෙට අදාල script කොටස නිල් පාටින් high light වෙලා පෙන්නනවා එතන පොඩ්ඩක් හොයලා බලන්න අපිට වෙනස් කරන්න ඕනි වචෙනේ තියනවද කියල ? මම වෙනස් කරන්න හැදුවේ wall කියන එකනේ ඔන්න මම එක උඩ තියන පින්තුරේ රතු පාටින් රවුම් කරලා හීයකින් පෙන්නලා තියනවා . ඊටපස්සේ කරන්න තියෙන්නේ wall කියන වචනේ විතරක් select කරලා Google singles වලින් කැමති නමක් දාල edit කරන එක තමා . ඔන්න මම එකට දානවා කැටපත් පවුර කියල
  දැක්කනේ වැඩේ ? මතක තියාගන්න ඔයඊට ඉස්සරහින් තියන වචනේ එහෙම වෙනස් කරන්න එපා හොදේ හොදට කිරල මැනලා අපිට‍ ඕනි වචෙනේ විතරක් click කරලා ගන්න . ඔය විදියට අනිත් ටිකක් වෙනස් කරගන්න සමහර විට අපට ඕනි වචන හැංගිලා ඇති එතකොට අර + ලකුණු වගයක් තියෙන්නේ ඔවා දිග ඇරලා හොයාගන්න . මහලොකු අමාරුවක් නෑ . ඔයාලට ඕනි තරම් සිංහලට ගහලා ඉවර වෙලා ctrl+s ගහලා අපි හදාගත්ත එක html එකක් විදියට save කරගන්න . ඊටපස්සේ save උන profile එකෙන් log වෙලා බලන්නකෝ ඔයාගේ සිංහල මුහුණු පොත කොහොමද කියල . හි හි .......... , මචන්ලා සිරා කියන්න ඕනිනේ මම blog ලියන්න දන්නේ නැ . දන්න විදියට ලිවුවා . මොකක් හරි අවුලක් තියනවනම් කියන්න හොදේ .

 මෙන්න මම වැඩ ටිකක්ඉවර කරපු එකක්

ආ මට එකක් දෙන්න අමතක උනා අර සිංහලෙන් type කරන්න පුළුවන් සොෆ්ට් එක . එකනම් ගොඩක් අය ලග දැන් තියනවා නැති අය මෙතනින් එක අරන් දාගන්න .

සිංහල කොටන්න  මෙන්න ලින්කුව . ඔන්න මම යනවා මේ මගුල තේරෙයිද මන්දා . try පාරක දාල බලන්නකෝ . Tc  .Bs . byeeeeee..........hiks