Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Tuesday, November 25, 2014

ඔයාලගේ පරිගණකයට Android පරිගණකයක් කරගන්න



අද මං ඔයාලට කියලා දෙන්නම් ගොඩක් ආසා හිතෙන දෙයක්. Android මෙහෙයුම් පද්දතිය කියන්නේ දැනට තියන ගොඩක්ම User Friendly මෙහෙයුම් පද්දතියක් සමහර විට ඔයාල Use කරන ෆෝන් එකේ ටැබ් එකේ එහෙම අදවන විට ගොඩක්ම තියෙන්නේ මේ Android Operating System එක. මෙම Android OS බාවිතා කරන්න පුළුවන් Apps ගොඩාක් Android Market එකේ නොමිලේම සහ මුදල් දීලා ලබා ගන්න පුළුවන්. හරි මං අද ඔයාලට කියලා දෙන්නම් Android OS එක ඔයාලගේ Laptop එකට හරි ගෙදර තියන Normal පරිගණකයට හරි දාගන්නේ කොහොමද කියලා.   
මුලින්ම ඔයාල Android OS එක Run කරන්න VirtualBox කියන මෘදුකාංගය Download කරගන්න ඕනි අපි Android OS එක Install කරන්නේ මේ මෘදුකාංගය ඇතුලේ තමයි.

 මෙන්න බාගන්නකො එහෙනම් 
http://dlc-cdn.sun.com/virtualbox/4.3.20/VirtualBox-4.3.20-96997-Win.exe

Android OS මෙතනින් බාගන්න
https://code.google.com/p/android-x86/downloads/list

මුලින්ම ඔයාල ඉස්සල්ලම බාගත්ත VirtualBox කියන මෘදුකාංගය ස්ථාපනය කරලා පහත දැක්වෙන පියවර විදියට කරන්න.

Android OS එකට පහත දැක්වෙන විදියට සැකසුම් ලබාදෙන්න.


 ඊට පස්සේ ඔයාල බාගත්ත Android ISO file එක එක මේ විදියට install කරගන්න.

 Android OS එකට පාර්ටිෂන් හදන්න ඕනිනම් මේ විදියට හදන්න.
ඊට පස්සේ Android OS එක පාර්ටිෂන් එකSelect කරලා OK කරන්න.
දැන් ඔයාලට පුළුවන් Android OS ISO ෆයිල් එක අයින් කරලා Android OS එක Run කරන්න.
 ඔයාලගේ Android OS එකේ Mouse එකවැඩකරේ නැත්තන් පහල තියන විදියට Click කරලා Android OS එක උද Click කරන්න. 
දැන් හරි ඔන්න ඔයාලගේ පරිගණකයේ දැන් Android OS එක පාවිච්චි කරන්න පුළුවන් . ඔයාලට මේකෙදි Google Account එකක් ඕනි වෙනවා Android Apps එහෙම බාගත කරන්න. Android වලට එන ඕනිම Apps එකක් මේකෙදි Use කරන්න පුළුවන්. ඔයාලට Android OS එකෙන් ඉවත් වෙන්න ඕනිනම් (Right Ctrl) එකගැහුවනම් හරි.

ගොඩක් දේවල් Type කරන්නම් වෙලාවක් නෑ අවුලක් උනොත Comment එකක් දාන්නකෝ.

Thursday, November 20, 2014

Opera MINI මගින් සිංහල කියවීම


ඔයාල ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් අන්තර්ජාලයට පිවිසෙන්න opera MINI web browser එක පාවිච්චි කරනවා ඇතින්නේ . හැබැයි ඉතින් ඕකෙන් Facebook එහෙම ගිහින් සිංහලෙන් දාල තියන ඒවා □□□□□□□□□□□□□□ මේ විදියට පේන්න ගත්තම තමා ඉතින් මල පනින්නේ . එකට වෙන වෙන සොෆ්ට් වෙයාර් ඕනේ වෙන්නේ නෑ Opera වලට සිංහල කියවන්න පුළුවන් විදියට සැකසුම් ටිකක් තියනවා හදාගත්තා නම් වැඩේ ඉවරයි . ඔන්න එහෙනම් බලාගන්නකෝ ?
මුලින්ම ඔයාල opera MINI web browser එකේ සර්ච් බාර් එකේ opera:config කියලා ටයිප් කලර සර්ච් කරන්න එතකොට ඔයාලට මේ වගේ ලිස්ට් එකක් එයි එකෙන් පහල පෙන්නලා තියන තැන YES කියල වෙනස් කරලා Save කරන්න.
වැඩේ ඉවරයි බලන්න දැන් සිංහල පේනවද කියල. ඔන්න එහෙනම් අපි ගියා.
 චායාරුප අන්තර්ජාලය ඇසුරෙනි .

Sunday, November 16, 2014

ඇස් දෙක බේරගන්න පරිගණකයට Screen Filter එකක් නොමිලේ


 ඔයාල අතරෙත් ඉන්නවා ඇතිනේ ඔය උඩ ඉන්න හාදයා වගේ මහා රෑත්කොම්පීටරේ බදාගෙන දගල අය . ඔය කිවූවට මාත් ඉස්සර ඔහොම තමා . දැන් ඉතින් බඩු පැකට් වෙලා ඉවරයි දුර එහෙම පෙනවත් ටිකක් අඩුයි . දැන් ඉතින් මොනා කොරන්නද ?
 ඉන්න ගමන් මට හිතුන ඔයාලටත් ඇස් දෙක පොඩ්ඩක් බේරා ගන්න උදවුවක් විදියට පුංචි ඒ උනත් ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් දෙන්නම් . මේක Screen Filter  මෘදුකාංගයක් . පොඩි කිලෝ බයිට් ගානක් තියෙන්නේ . ඔයාලට පුළුවන් එහි අයිකොන් එක ඩබල් ක්ලික් කරලා රන් කරගන්න එතකොට Screen Filter එක ඇක්ටිව් වෙනවා .

පේනවනේ වෙනස

 ඔයාලට Screen Filter එක ක්ලෝස් කරන්න හරි Screen Filter opacity එක වෙනස් කරගන්න එහෙම ඕනි උනොත් Task Bar එකේ දකුණු කෙලවරේ තියන මේ අයිකොන් එක උඩ Right Click කරලා හදාගන්න පුළුවන්.
                                                                         
http://www.nelsonpires.com/assets/software/dimmer/Dimmer_v1.0.zip

Friday, November 7, 2014

block කරලා තියන වෙබ් අඩවි වලට රිංගීම :- )

block කරලා තියන වෙබ් අඩවි වලට රිංගීම :- ).ඔයාලගේ ඔෆිස් එකේ පරිගණකයෙන් ෆෙසේබුක් එහෙම යන්න බැරිද බොසා ඒකටත් වැඩේ දීලද ? එහෙමනම් මෙන්න සුපිරි විසදුමක් ?

 වාචාල භාෂාවෙන් කිවුවට හරි විදියට කියන්නම්කෝ . ගොඩක් රාජකාරි ස්ථානවල ඇති ජාල පහසුකම් ඔස්සේ අන්තර්ජාලයේ සැරි  සැරිය හැකි ඉඩකඩ සිමා කර තිබෙනවා මේ සදහා Proxy යොදාගෙන තමයි ඉතින් ලොක්කා ඔය වැඩ පෙන්නන්නේ . එතකොට ඉතින් Facebook, U tube වගේ ඒවාට යන්න බෑ ඉතින් 
 කොහොමද වැඩේ ?????????????



අද මං ඔයාලට කියලා දෙන්නම් ලොක්කගේ ඔය කියන ප්‍රොක්සිය කඩාගෙන යන්න පුළුවන් සුපිරි වෙබ්   බ්‍රවුසර් එකක් . හැබැයි ඉතින් මේවා කියලා දුන්නා කියලා ලොක්කා බංකොලොත් කරන්න හදන්න එපා ඒවා පවු වැඩේනේ . අනික හම්බකරන් කන තැනනේ නේද ? මං මේක උනත් දෙන්නේ දැනගැනීම පිණිස මිසක් වෙන දේකට නෙමෙයි හොදේ?


හරි මෙන්න මේකයි භාණ්ඩේ නමින් කියනවනම් TORE Browser  මේක Open source මෘදුකාංගයක් මේ TORE Browser එකට පුළුවන් බ්ලොක් කරලා තියන වෙබ් අඩවි වලට ලේසියෙන්ම ඇතුළු වෙන්න . අරගෙන උත්සහා කරලා බලන්නකෝ මමනම් තාම වේද ගන්නවා එකෙන් සුපිරියටම. 
https://www.torproject.org/download/download-easy.html.en