Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Saturday, February 25, 2012

ඔයාලගේ ලැප් ටොප් ඒක ගොඩක් රත් වෙනවද ? මෙන්න එකට විසදුමක් . ඔයාලටම හදාගන්න පුළුවන්

ඔයාලගේ ලග තියන ලැප් ටොප් ඒක ගොඩක් රත් වෙනවද ? හ්ම්ම් .....මගෙත් එහෙමයි HP එකක් තියෙන්නේ ආයේ රත් වෙනවා ගින්දර වගේ බිත්තර ඔම්ලට් එකක් උනත් හදාගෙන කථ හැකි . ඉතින් ඕක ඔය විදියට හැමදාම රත් වෙන්න ගියාම ටික කාලෙකින් බඩු පැකට් තමා ලැප් එකට . ඉතින් මං ලැප් එකට කුලින් පෑඩ් එකක් ගන්න හැදුව ගණන් ඇහුවම තමා මටම කූලින් පෑඩ් එකක් හයි කරගන්න උනේ ? ඊටපස්සේ පස්සේ මං කල්පනා කරලා නිකන් ඉන්න ගමන් කුලින් පෑඩ් එකක් හැදුව හිතුවට වඩා වැඩේ සාර්ථකයි නිකන් කඩෙන් ගත්ත එකක් වගේ නිමාව එහෙම මාරුවට අවා ඉතින් මටත් හිතුනා ඔයාලටත් ඒක හදන විදිය රුප රාමුත් එක්කම කියලා දෙන්න .


අවශ්‍ය අමුද්‍රව්‍ය  :- අගල් 1/2 PVC බට කැබැල්ලක්
                            අගල් 1/2 PVC එල්බෝ 4 යි
                             අගල් 1/2 PVC T 2 යි
                              බෝල්ට් ඇන 2 යි

හරි අපි දැන් වැඩේ පටන් ගමු එහෙනම් මුලින්ම ඔයාලගේ ලැප්ටොප් පරිගණකයේ දිග පළල මැනලා ඊට ටිකක් අඩු මිම්මකින් අගල් බාගේ බට හතරක් කපාගන්න . ඊට පස්සේ එල්බෝ හතර යොදාගෙන චතුරස්කරාකාර විදියට සවි කරගන්න . ඊට පස්සේ ඉහත රූප රාමුවේ පෙනෙන විදියට හදාගත්ත සැකිල්ලේ දිග පැත්තෙන් මැදින් බට කැබැල්ල කපලා පිවිසි ටී කැබැල්ල සවි කරගන්න . පහත රූප රාමුව බලන්න එතකොට ඔයාලට පැහැදිලි වෙයි මං කියපු දේ ?

මෙන්න මේ විදියට සම්පුර්ණ සැකිල්ල හදාගන්න බැලු බැල්මට පේනවනේ හදාගන්න ඕනි විදිය . ඕක පැත්තෙන් බැලුවම මෙන්න මේ විදියට එන්නේ ?
අපි ඇන දෙකක් සවි කරන්න සැකිල්ල මත ලැප් ඒක තැබුවම ඒක රාමුවෙන් පිටට ලිස්සලා යන්නේ නැතිව තියාගන්න ඕනි නිසයි .
මේක ඔයාලට දැකපු ගමන්ම හදාගන්න පුළුවන් හරිම ලේසි මං පාවිච්ච් කරන්නෙත් මං හදාගත්ත එකක් පොඩ්ඩක් පේන්ට් කරලා එහෙම ගත්තම කඩෙන් ගත්තා වගේම ලස්සනයි . ඔයාලත් උත්සාහ කරලා බලන්න ?

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.