Ads 468x60px

Social Icons

Why It Is Useful?

Get To Me!

Follow

Saturday, February 25, 2012

Delta ops army special fo­rces මේ ගේම් එක ඔයාලම සිංහලට හදාගන්න

මං දැන් ඔයාලට දෙන්න හදන්නේ ටිකක් පරණ එත් මං ආසම ගේම් එකක් . ඒ විතරක් නෙමෙයි මං ඔයාලට කියලා දෙනවා ඒ ගේම් එකට සිංහල දෙබස් දාල ඔයාලට කැමති විදියට එක සිංහලට හදාගන්න හැටිත් . මමනම් මේ ගේම් එකට සිංහල දෙබස් දලා මගේ නමත් ගේම් එක අස්සේ කියවෙන විදියට හදලා නිකන් ඉන්න ගමන් ගොඩක් විනෝද උනා . මං ඔයාලටත් කියලා දෙන්නම් කරන හැටි . ගොඩක් අය මේ ගේම් එක සෙල්ලම් කරලා ඇති දැන් ඇවිල්ලත් ටිකක් කල් වෙනවනේ ? හරි නැති අය මෙතනින් බාගන්නකො ඊට පස්සේ ඉතුරු වැඩ ටික කියලා දෙන්නම් 

හරි එහෙනම් බාගෙන ඉන්ස්ටෝල් කරගන්නකො ඊට පස්සේ ඔයාල ගේම් එක ඉන්ස්ටෝල් කරපු පාත් එක හොයාගෙන මේ වගේ ෆෝල්ඩර් දෙකක් තියනවද බලන්න අනිවා ඇති
ඒක ඕපන් කරපුවම මෙන්න මේ වගේ ෆෝල්ඩර් වගයක් ඇති එකෙන් සවුන්ඩ් කියන ෆෝල්ඩර් ඒක ඕපන් කරගන්න



ඒකත් ඕපන් කරපුවම මේ ගේම් එකට සිංහල දෙබස් දාන්න වැදගත් වෙන ෆයිල් සෙට් ඒක හම්බ වෙනවා මේ තියෙන්නේ ඒවා 
  
 මෙතැනදී තමයි ටිකක් විමසිල්ලෙන් වැඩ කරන්න ඕනි 11K කියන ෆෝල්ඩර් ඒක ඇතුලෙත් තියනවා cx ,fx, training කියලා තවත් ෆෝල්ඩර් 3 ක් තියනවා ඒවගෙත් තියෙන්නේ අර පිටින් තියන ෆෝල්ඩර් ඇතුලේ තියන සවුන්ඩ් ෆයිල්ම තමයි 

දැන්  ඔයාල මේවගේ තියන සවුන්ඩ් ෆයිල් ප්ලේ කරලා අහලා ඒවාට ගැලපෙන සිංහල රේකොඩින් ටිකක් හදලා wav කියන ෆයිල් ටයිප් එකෙන් හදාගන්න ඊට පස්සේ දැනට ගේම් එකේ තියන සවුන්ඩ් ෆයිල් වල නමින්ම අපි හදාගත්ත සවුන්ඩ් ෆයිල් ටික රිනෙම් කරලා ගේම් එකේ තියන සවුන්ඩ් ෆයිල් ටික over right වෙන විදියට කොපි කරන්න . මේ විදියට 11k කියන ෆෝල්ඩර් ඒක ඇතුලේ තියන සවුන්ඩ් ෆයිල් ටික වෙනුවට අපි හදාගත්ත සිංහල දෙබස් තියන සවුන්ඩ් ෆයිල් ටික කොපි කරන්න .ටිකක් කල්පනාවෙන් කරන්න 11K කියන ෆෝල්ඩර් එකට හා ඊට පිටින් තියන ෆෝල්ඩර් වලත් එකම සවුන්ඩ් ෆයිල් ඒක තියෙන්න ඕනි . වැඩ ඉවර වෙලා ගේම් ඒක ප්ලේ කරලා බලන්නකෝ පට්ටම ආතල් ..... මොකක් හරි අපැහැදිලි කමක් තිබුනොත් මගේ FB එකට හරි Msg එකක් දාන්න මං කියලා දෙන්නම් .

0 අදහස්:

Post a Comment

Note: Only a member of this blog may post a comment.